Press "Enter" to skip to content

ඇතැම් ස්ථානවලට මිලි මීටර් 50 ක පමණ තරමක තද වැසි

සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (15) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 50 ක පමණ තරමක තද වැසි ද ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි අතර ඌව සහ නැගෙනහිර පළාත්වල තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව ද එම නිවේදනයේ සඳහන්.

උතුරු සහ උතුරු-මැද පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 40ත් 50ත් අතර දක්වා වැඩි විය හැකි බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ. (colombotimes.lk)

Viber
More from | WEATHERMore posts in | WEATHER »