Press "Enter" to skip to content

බස්නාහිර පළාත, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක්

මධ්‍යම සහ සබරගමුව පළාත්වල විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර පළාත, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි වනවා.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ.

දිවයින හරහා විටින් විට පැ.කි.මි 40 -50 ත් අතර තරමක තද සුළං ඇති විය හැකි වනවා.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු මැද පළාතේ සහ හම්බන්තොට, මන්නාරම දිස්ත්‍රික්කවලත් සුළඟේ වේගය විටින් විට පැ.කි.මි 60 දක්වා වැඩිවිය හැකියි. (colombotimes.lk)

More from | WEATHERMore posts in | WEATHER »