Press "Enter" to skip to content

මධ්‍යම, සබරගමුව, බස්නාහිර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලට වැසි වාර කිහිපයක්

මධ්‍යම සහ සබරගමුව පළාත් වලට වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්වා.

බස්නාහිර පළාත, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති වෙන බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනවා.

දිවයින හරහා විටින් විට හමන පැ.කි.මී 40 – 50 දක්වා වන තරමක තද සුළං ඇති වනවා.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් සුළඟේ වේගය විටින් විට පැ.කි.මී 60 දක්වා වැඩි විය හැකියි. (colombotimes.lk)

More from | WEATHERMore posts in | WEATHER »