Press "Enter" to skip to content

ලැව්ගිනි හේතුවෙන් අමෙරිකාවේ සහ කැනඩාවේ ප්‍රදේශ රැසක් දුමාරයෙන් වැසෙයි

අඛණ්ඩව පැතිර යන ලැව්ගිනි හේතුවෙන් අමෙරිකාවේ සහ කැනඩාවේ ප්‍රදේශ රැසක් දුමාරයෙන් වැසීගොස් තිබෙනවා.

ඒ සමඟම වායු දූෂණ දර්ශකය ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

ඉන්, ශ්වසන රෝග ඇති වීමේ ඉහළ අවදානමක් පවතින බවට සෞඛ්‍ය විශේෂඥයින් අනතුරු ඇඟවීම් නිකුත් කළා.

ලැව්ගිනි හරහා නිකුත් වන දුමාරය ආඝ්‍රහනය වීමෙන් කොරෝනා ආසාදිතයින් අසාධ්‍ය තත්ත්වයට පත්ව, සුවය ලැබීමේ සම්භාවිතාව අවම කරනු ඇති බවට ද සෞඛ්‍ය විශේෂඥයින් අනතුරු අඟවනවා.

මේ හේතුවෙන් කැනඩාවේ බ්‍රිටිෂ් කොලොම්බියා ප්‍රාන්තයට හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත් කෙරුණා.

කැනඩාවේ පුද්ගලයින් 5,724 ක් සහ අමෙරිකාවේ ඔරිගන් ප්‍රාන්තයේ 3400 දෙනෙකු නිවාස වලින් ඉවත් කර තිබෙනවා.

උණුසුම් කාලගුණයත් සමඟ දෛනිකව හටගන්නා ලැව් ගිනි නිවා දැමීම සඳහා දෙරටින් යොදවා ඇති ගිනි නිවීම් භටයින් සංඛ්‍යාව දස දහසකට ආසන්නයි. (colombotimes.lk)

More from | INTERNATIONALMore posts in | INTERNATIONAL »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *