Press "Enter" to skip to content

ජනපතිට හිමිකාරිත්වය තිබූ අලියට මොකද වුණේ ? – වනජීවී රාජ්‍ය ඇමතිගෙන් පිළිතුරු

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට හිමිකාරිත්වය තිබූ අලියා, ජනපතිවරයාගේ දැනුම්දීමක් අනුව පන්සලකට ලබාදුන් බව වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා පවසනවා.

දෙහිඅත්තකණ්ඩියේ ඊයේ (26) පැවැති හමුවකදී ඔහු මේ බව සඳහන් කළා.

ජනපතිතුමාට 2015 වර්ෂයේදී ලබා දී තිබූ අලියෙක් උසාවි නියෝගයක් අනුව පින්නවල උද්‍යානයේ සිටි බවයි අමාත්‍යවරයා පැවසුවා.

ඉන්පසුව ජනපතිවරයාගේ දැනුම්දීමක් මත එම අලියා ජනපතිට අනවශ්‍ය බැවින් පන්සලකට ලබාදෙන ලෙස කියූ බවත් මාධ්‍ය සඳහන් කරන ආකාරයට ගෝඨාභය රාජපක්ෂ ජනපතිවරයාට අලියෙකු නොමැති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.
(colombotimes.lk)

Viber
More from | POLITICALMore posts in | POLITICAL »