Press "Enter" to skip to content

පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට අගමැති කියූ දේ

පාඩු ලබන ආයතන ලාභ ලබන ආයතන ලෙස පරිවර්ථනය කරමින් රාජ්‍ය ආයතන ලබන වසරේ (2022) විශේෂ ප්‍රගතියක් ලබාගත යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

ඒ, ඊයේ (26) අග්‍රාමාත්‍යවරයා රාජ්‍ය ආයතන ප්‍රධානීන් හමු වූ අවස්ථාවේදීයි.

වර්තමානයේ පාඩු ලබන ආයතන ලබන වසරේදී ලාභ ලබන ආයතන ලෙස පරිවර්ථනය කර ගැනීම කෙරෙහි සියලු නිලධාරීන්ගේ අවධානය යොමු කළ යුතු බවයි අග්‍රාමාත්‍යවරයා එහිදී අවධාරණය කළේ.

මෙම අභියෝගාත්මක කාලයේ වැඩ අඩපණවීමට ඉඩ නොදිය යුතු බවත්, සාකච්ඡා මාර්ගයෙන් කඩිනම්ව අවශ්‍ය තීරණ ගෙන නීත්‍යානුකූලව අදාල කාර්යයන් නිසි පරිදි අවසන් කිරීමට කටයුතු කළ යුතු බව ද සඳහන් කළා.
(colombotimes.lk)

Viber
More from | POLITICALMore posts in | POLITICAL »