Press "Enter" to skip to content

ගම්මන්පිලට එරෙහි විශ්වාසභංග යෝජනාවට අදාළව, රනිල්ගේ සංශෝධනයට කථානායක කියූ දේ

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවට අදාළව, එක්සත් ජාතික පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා විසින් ගෙන එන ලද සංශෝධනය පිළිගත නොහැකි බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සභාවට දැනුම් දුන්නා.

එම සංශෝධනය ස්ථාවර නියෝගවලට පටහැනි බවයි අද (20) පෙරවරුවේ පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ වීමෙන් අනතුරුව සිය නිවේදන යටතේ දැනුම් දීමක් කරමින් කථානායකවරයා පැවසුවේ.

සමගි ජන බලවේගය විසින් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව සමස්ත ආණ්ඩුවටම එරෙහි විශ්වාසභංග යෝජනාවක් ලෙස සංශෝධනය කළ යුතු බවට රනිල් වික්‍රමසිංහ මහතා විසින් යෝජනා කර තිබුණා.

More from | POLITICALMore posts in | POLITICAL »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *