Press "Enter" to skip to content

✅ 𝗙𝗔𝗖𝗧 𝗖𝗛𝗘𝗖𝗞𝗘𝗗: “සත්තුන්ට දෙන බෙහෙත් මිනිසුන් සඳහා කොවිඩ් වලට භාවිතා කරන්න එපා” – අමෙරිකානු ඖෂධ පාලක මණ්ඩලය

ලොව පුරා පැතිර ඇති කොවිඩ් 19 වසංගතයට පිළියම් ලෙස බොහෝ පිරිසක් විවිද ඖෂධ භාවිතයට පෙළඹී තිබෙනවා.

මින් සමහරක් FDA – අමරිකාවේ අහාර හා ඖෂධ පරිපාලන සභාව මගින් අනුමත කර ඇති අතර සමහරක් අත්හදාබැලීම් වනවා.

මේ අතර අශ්වයන් ඇතුළු සතුන් සඳහා භාවිතා කරන අයිවමැටික් නම් ඖෂධයක් Covid සඳහා සුදුසු බවට පවසමින් අමෙරිකානු ජනතාව එය Covid වලට පිළියමක් ලෙස භාවිතා කර තිබෙන බවත් වාර්තා වනවා.

නමුත් මෙම ඖෂධය නිසි ආකාරව නොගැනීම නිසා රෝහල්ගත වූ රෝගීන් පිළිබඳවද වාර්තා ලැබී තිබෙනවා.

මෙම ඖෂධය මිනිසුන්ට භාවිතය සඳහා අවසර ලබාදී නොමැති බවයි මේ පිළිබඳව අදහස් දක්වමින් FDA ආයතනය සඳහන් කළේ.

මෙය අවශ්‍ය ප්‍රමාණයට වඩා භාවිතයෙන් මරණය ඇතුළු විශාල හානියක් ඇතිවිය හැකි බවත්, සතුන් සඳහා භාවිතා කරන ඖෂධ මිනිසුන් වෙත ලබා නොගන්නා ලෙසත්, එසේ භාවිතා කරන්නේනම් පිළිගත හැකි මුලාශ්‍ර වලින් ලබා ගත් උපදෙස් අනුගමනය කල යුතු බවයි Twitter සටහනක් තබමින් අමරිකාවේ අහාර හා ඖෂධ පරිපාලන සභාව දැනුම්දෙන්නේ. (colombotimes.lk)

Viber
More from | ✅ 𝗙𝗔𝗖𝗧 𝗖𝗛𝗘𝗖𝗞More posts in | ✅ 𝗙𝗔𝗖𝗧 𝗖𝗛𝗘𝗖𝗞 »