Press "Enter" to skip to content

“ඔමික්‍රොන්” නිසා ක්‍රිකට් තරගයක් අත්හිටුවයි

සිම්බාබ්වේහි පැවැත්වෙන කාන්තා ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරගාවලියේ අද පැවැත්වීමට තිබූ ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් තරගය අවලංගු කර තිබෙනවා.

ඒ, නව කො⁣විඩ් ප්‍රභේදයේ ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

හරාරේ හිදී එම තරගය පැවැත්වීමට නියමිතව තිබුණා.

පවතින කොවිඩ් තත්වය හමුවේ සමස්ථ තරගාවලියම කල් දැමීමට අවදානමක් පවතින බවටද විදෙස් ක්‍රිකට් වාර්තා වල දැක්වෙනවා.

කෙසේ නමුත් තරග කාලසටහනට අනුව අද දිනයේදී පැවැත්වීමට නියමිතව තිබූ තායිලන්තය -අමරිකාව අතර තරගයත් පාකිස්තානය සහ සිම්බාබ්වේ අතර තරගයත් අද දිනයේදී නියමිත පරිදි පැවැත්වුණා.
(colombotimes.lk)

Viber