Press "Enter" to skip to content

ඉන්දියාවේ ප්‍රසංග මාලාවකට ගිය යොහානි නැවතත් මව්බිමට

ඉන්දියාවේ සති දෙකක පමණ කාළයක් තුළ සංගීත ප්‍රසංග ගණනාවකට සහභාගීවීමෙන් අනතුරුව ජනප්‍රිය ගායිකා යොහානි ද සිල්වා ඊයේ රාත්‍රියේ යළි ශ්‍රී ලංකාවට පැමිණියා.

ඒ, ඊයේ රාත්‍රි 11.25ට පමණ ඉන්දියාවේ මුම්බායි නගරයේ සිට කටුනායක ගුවන් තොටුපළ වෙතයි.

ඉන්දීය ජනතාව ශ්‍රී ලංකාව ගැන දැනගෙන සිටියත්, සිංහල භාෂාවක් තියෙනවා කියලා දන්නෙ නැති නිසා, ඒ ජනතාව අහපු නැති භාෂාවකින් මම ගීතයක් ගායනා කළාම , එය අතිශයින්ම ඉන්දියාව පුරා මෙන්ම ලෝකය පුරාමත් ජනප්‍රිය වූ බවයි ඇය පැවසුවේ.

ඇගේ ඊළඟ බලාපොරොත්තුව සිංහල ගීත 12 ක් ඇතුළත් ගීත ඇල්බමය ඉදිරිපත් කිරීම බවත් එම ඇල්බමයේ බොහොමයක් වැඩ අවසන් බවත් ඇය වැඩිදුරටත් පැවසුවා.

කටුනායක ගුවන් තොටුපළ තුළ දී ශ්‍රී ලංකා යුධ හමුදාව සහ ගුවන් තොටුපළ ආරක්ෂක භටයින් විසින් විශේෂ ආරක්ෂාවක් සළසා දී තිබූ අතර විශේෂ රිය පෙරහැරකින් ඇය කොළඹ බලා ගුවන් තොටුපළේ සිට රැගෙන යාමට පියවර ගෙන තිබුණා.
(colombotimes.lk)

Viber