ජනප්‍රිය ගායිකා යොහානි ද සිල්වා වෙත බත්තරමුල්ල රොබට් ගුණවර්ධන මාවතෙන් පර්චස් 9.68 ක ඉඩමක් පරිත්‍යාග කිරීමට බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සූදානම් වනවා.
නාගරික සංවර්ධන අධිකාරියට අයත් මෙම ඉඩම, රජයෙන් පිරිනමන පරිත්‍යාගයක් ලෙස ලබාදීමට නියමිත බවයි වාර්තා වන්නේ.
රොබට් ගුණවර්ධන මාවතේ පිහිටි 1996 විල්ස් ලෝක කුසලානය දිනූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් වෙත අනූනව අවුරුදු බදු පදනම මත ලබාදුන් ඉඩම්වලට යාබද ඉඩමකින් මෙම බිම් කැබැල්ල ඇය වෙත ලබාදීමට සැලසුම් කර තිබෙනවා.
(colombotimes.lk)