Press "Enter" to skip to content

ජාත්‍යන්තර ප්‍රවෘත්ති නාලිකාවකට සතියක් YouTube තහනම් කරයි

YouTube විසින් ස්කයි නිව්ස් ඕස්ට්‍රේලියාව සඳහා නව අන්තර්ගතයන් තම YouTube චැනලයට දැමීම තහනම් කර තිබෙනවා.

කොවිඩ් -19 වැරදි තොරතුරු ප්‍රචාරය කිරීමේ නීති උල්ලංඝනය කළ බව පවසමින් මෙම තීරණය ගෙන තිබෙනවා.

මෙම තීරණය නිදහසේ සිතීමේ හැකියාවට බාධා කරන ප්‍රහාරයක් බවයි රූපවාහිනී නාලිකාවේ ඩිජිටල් සංස්කාරකවරයා පැවසුවේ.

ස්කයි නිව්ස් ඕස්ට්‍රේලියාව අයිති රූපර්ට් මර්ඩොක්ගේ නිව්ස් කෝපරේෂන් හි අනුබද්ධ සමාගමකට වන අතර යූ ටියුබ් ග්‍රාහකයින් මිලියන 1.85 ක් පමණ සිටිනවා.

මෙම තහනම ගූගල් වෙතින් ලැබෙන ආදායම් මාර්ගයට බලපෑම් කළ හැකි තහනමක් වනවා. (colombotimes.lk)

More from | INTERNATIONALMore posts in | INTERNATIONAL »