කළුතර ඇතුළු ප්‍රදේශ කිහිපයකට හෙට (10) පැය 10ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසනවා.
එම මණ්ඩලය සඳහන් කළේ කළුතර, වාද්දුව, මතුගම, බේරුවල, අළුත්ගම, පයාගල යන ප්‍රදේශ සඳහා හෙට උදෑසන 8.30 සිට පස්වරු 6.30 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි.
කෙත්හේන ජල පවිත්‍රාගාරය වෙත සැපයෙන විදුලි බලය අත්හිටුවීම හේතුවෙන් මෙම ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය ප්‍රකාශ කළා.
(colombotimes.lk)
