2025 වසරේ මුල් මාස හය තුළ මෙරටට විදේශීය සංචාරකයින් 1,168,044දෙනෙක් පැමිණ තිබෙනවා.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇති වාර්තාවේ සඳහන් වන්නේ පසුගිය වසරේ මුල් මාස හයට සාපේක්ෂව මෙම වසරේ මුල් මාස හය තුළදී මෙරටට විදේශීය සංචාරකයින්ගේ පැමිණීම 15.6%කින් වර්ධනය වී ඇති බවයි.
ඉන් උපයාගෙන ඇති ආදායම රුපියල් බිලියන 509.1ක් වන අතර එය පසුගිය වසරේ මෙම කාලසීමාවට සාපේක්ෂව 5.9%ක වැඩි වීමක් ලෙසයි වාර්තා වන්නේ.
(colombotimes.lk)