දකුණු ලෙබනනයේ ක්ෆර්හටා ගම්මානයට එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් සිව් හැවිරිදි දරුවෙක් ඇතුළු පුද්ගලයන් 7දෙනෙක් මිය ගොස් තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ බේරූට්හී ප්‍රදේශයකට එල්ල වූ තවත් ප්‍රහාරයකින් පුද්ගලයන් සිව් දෙනෙක් මියගොස් තවත් 39දෙනෙක් තුවාල ලබා තිබෙන බවයි.
පසුගිය මාසයේ ආරම්භ වූ සටන්වලින් පසු එරට අත්විඳි දරුණුතම සහ ප්‍රචණ්ඩකාරී දිනයක් ලෙස මෙය සටහන් වී තිබෙනවා.
මෙම ප්‍රහාර හමුවේ මාර්තු අග වන විට හිස්බුල්ලා සටන්කාමීන් 400කට වැඩි පිරිසක් මියගොස් ඇති අතර ඊශ්‍රායල සෙබළුන් 10ක් පමණ දකුණු ලෙබනනයේදී මියගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)
