ඉන්දුනීසියානු අගනුවර වන ජකර්තා අසල කාර්යාල දුම්රියක් සහ දුරගමන් සේවා දුම්රියක් එකිනෙක ගැටීමෙන් බිහිසුණු අනතුරක් සිදුවී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම අනතුරින් පුද්ගලයින් 14දෙනෙක් මියගොස් තවත් 84දෙනෙක් තුවාල ලබා ඇති බවයි.
අදාළ අනතුරින් දරුණුතම බලපෑම එල්ලවී ඇත්තේ කාන්තාවන් සඳහා පමණක් වෙන් වූ මැදිරියට වන අතර මියගිය සියළුදෙනා කාන්තාවන් බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
එමෙන්ම අනතුර හේතුවෙන් දුම්රිය ගමන්වාර කිහිපයක් සීමා කිරීමට සිදුවී තිබෙනවා.
(colombotimes.lk)
