ඉරානය සහ ඇමරිකාව අතර පවතින යුද ගැටුම් අවසන් කිරීමේ සටන්විරාම යෝජනාවක් මේ වන විට දෙපාර්ශවය වෙත ඉදිරිපත් කර තිබෙන බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කර තිබෙනවා.
එම වාර්තාවේ සදහන් වන්නේ සටන්විරාමය අද (06) සිට ආරම්භවීමේ අවස්ථාවක් ද ඇති බවයි.
ඉස්ලාමාබාද් සම්මුතිය මෙම යෝජනාවලිය පාකිස්ථානයේ මැදිහත්වීමෙන් සකස් කර දෙරටට ඉදිරිපත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.
එහි පළමු පියවර ලෙස වහාම ක්‍රියාත්මක වන සටන් විරාමයක් ප්‍රකාශයට පත් කිරීමට නියමිත අතර එමඟින් ලෝක තෙල් ප්‍රවාහනයේ තීරණාත්මක මර්මස්ථානයක් වන හෝමූස් සමුද්‍ර සන්ධිය වහාම විවෘත කිරීමට ද අවස්ථාව සැලසෙනවා.
එමෙන්ම එහි දෙවන පියවර ලෙස ඉදිරි දින 15-20 ඇතුළත ස්ථිර සාම ගිවිසුමකට එළඹීමට ද යෝජිත බවයි වාර්තා වන්නේ.
මීට ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන සීමා කිරීම සහ ඉරානයට පනවා ඇති සම්බාධක ඉවත් කර අත්හිටුවා ඇති වත්කම් නිදහස් කිරීම වැනි කොන්දේසි ද ඇතුළත් වනවා.
(colombotimes.lk)
