29 November 2024


රැකියා විරහිත උපාධිධාරීන් පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලයට



රැකියා විරහිත උපාධිධාරීන් පිරිසක් අද (29) ජනාධිපතිවරයා හමුවී සකච්ඡා කිරීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණ තිබෙනවා.

එහිදී එම පිරිසට ජනාධිපතිවරයා හමුවීමට අවස්ථාව නොලැබී ඇති බවයි වාර්තා වන්නේ.

ඔවුන් කියා සිටියේ තමා බලයට පත් විගස රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබාදෙන බවට වර්තමාන ජනාධිපතිවරයා බලයට පත්වීමට පෙර පොරොන්දු වූ බවයි.  

ජනාධිපතිවරයා සමඟ එම පිරිසට සකච්ඡා කිරීම සඳහා ඉදිරියේදී දිනයක් ලබාදෙන බව ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරීන් සඳහන් කළා.

(colombotimes.lk)