colombotimes.lk
සිංහල | English

16 April 2024

ආරක්ෂක අමාත්‍යවරයා සහ විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් අතර හමුවක්



මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා සහ විශ්වවිද්‍යාල කිහිපයක උපකුලපතිවරුන් ඇතුළු ඉහළ ආචාර්යවරුන් සමඟ හමුවක් පවත්වා තිබෙනවා.

කොළඹ විශ්වවිද්‍යාලයේ, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සහ කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරුන් ඇතුළු මහාචාර්යවරුන් පිරිසක් එහිදී හමු වී ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී විශ්වවිද්‍යාලවල සිසුන් මුහුණපාන ගැටලු සම්බන්ධව දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති බව සඳහන්.

විශ්වවිද්‍යාල සිසුන්ගේ නේවාසිකාර වල ආරක්ෂාව සම්බන්ධයෙන් ගත හැකි ක්‍රියාමාර්ග, සරසවි ආශ්‍රීතව පවතින අයිස් වැනි මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය ආදි ගැටලු පිළිබඳව එහිදී වැඩි අවධානයක් යොමුව තිබුණා.

ඒ අනුව ටිරාන් අලස් අමාත්‍යවරයා පොලිස්පතිවරයාට නියෝග කර ඇත්තේ, එම ගැටලු නිරාකරණය සඳහා ගත හැකි පියවර සම්බන්ධයෙන් කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි.
(colombotimes.lk)