18 September 2025

logo

එක වසරේ සිට තවත් අලුත් විෂයක් ඉගැන්වීමට යයි



ප්‍රාථමික අංශයේ සිට ජපන් භාෂාව පාසල් විෂය මාලාවට ඇතුළු කිරීමට විශේෂ අවසරයක් හිමිව තිබෙන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසනවා.

ජපන් රැකියා වෙළෙඳපොළ ඉලක්ක කරගනිමින් කැබිනට් මණ්ඩලය හරහා ඒ සඳහා විශේෂ අනුමැතියක් හිමිවු බවයි අද (22) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අමාත්‍යවරයා සඳහන් කළේ. 
 
ඒ අනුව ඉදිරියේ දී අධ්‍යාපන අමාත්‍යාංශය සමග එක්ව ජපන් භාෂාව දරුවන්ට ඉගැන්වීමට අදාළ කටයුතු මේ වනවිට සුදානම් කරමින් යන බව ද අමාත්‍යවරයා පැවසුවා. 
 
අද වනවිට ජපන් වෙළෙඳපොළ ඉලක්ක කරගනිමින් 5,000කින් යුත් ජපන් භාෂා පුහුණුලාභීන්ගෙන් සමන්විත සංචිතයක් ආරම්භ කිරීමේ වැඩසටහනක් දියත් කර තිබෙන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)