මේ සතියේ සහ එළැඹෙන සතිය තුළ බස්නාහිර පළාත කේන්ද්‍රකර ගනිමින් විශේෂ ඩෙංගු මර්දන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.
ජාතික මට්ටමින් සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල මට්ටමින් මෙම මර්දන ව්‍යාපාරය ක්‍රියාත්මක බවයි එහි ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ ලහිරු කොඩිතුවක්කු මහතා සඳහන් කළේ.
මේ මාසයේ මේ දක්වා කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගින් 7,069 දෙනෙකු වාර්තාවී තිබෙන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.
ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 46,473 ක්. දිස්ත්‍රික්ක 06 ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 67 ක් තවදුරටත් ඩෙංගු අධිඅවදානම් තත්නවයේ පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පැවසුවා.
එම තත්ත්වය පවතින්නේ ගම්පහ, කොළඹ, කළුතර, මහනුවර, කුරුණෑගල සහ පුත්තලම එම දිස්ත්‍රික්කවලයි.
මේ අතර පවතින වර්ෂාව හමුවේ ලබන මාසය වනවිට ඩෙංගු තවදුරටත් ව්‍යාප්තවීමේ අවදානමක් තිබෙන බව ද සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.
මේ හේතුවෙන් මදුරුවන් බෝ වන ස්ථාන විනාශ කර දමන ලෙසයි සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවට දැනුම් දෙන්නේ. වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව 27ක්.
(colombotimes.lk)