14 November 2025

logo

වෛද්‍යවරුන්ට විශේෂ උපදෙස් මාලාවක්



බෙහෙත් වට්ටෝරු නිකුත් කිරීමේදී ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් ප්‍රකාශයට පත් කරන ලද බෙහෙත් වට්ටෝරු ලිවීමේ සහ නිර්දේශ කිරීමේ විශේෂ මාර්ගෝපදේශ මාලාවක් පිළිපදින ලෙස වෛද්‍ය වෘත්තිකයන්ට දැනුම්දී තිබෙනවා.

එම මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ඇතැම් වෛද්‍යවරුන් විසින් නිකුත් කරන බෙහෙත් වට්ටෝරු අපැහැදිලි බවට ඖෂධවේදීන්ගෙන් පැමිණිලි ලැබී තිබෙන බවයි.

වෛද්‍යවරුන් සඳහා වන සදාචාරාත්මක හැසිරීම පිළිබඳව මාර්ගෝපදේශ සංග්‍රහයේ බෙහෙත් වට්ටෝරු ලිවීම සහ නිර්දේශ කිරීම සම්බන්ධයෙන් පැහැදිලි තොරතුරු ඇතුළත්.

එම මාර්ගෝපදේශ නිසි ලෙස නොපළඳින වෛද්‍යවරුන් සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගන්නා බව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සඳහන් කළා.  

(colombotimes.lk)