මන්ත්‍රීවරුන්ට හිමි වරප්‍රසාද ඒ ආකාරයෙන්ම ලබාදෙන බවත් ඒවායේ කිසිදු කප්පාදුවක් මෙතෙක් සිදුකර නොමැති බවත් පාර්ලිමේන්තු මහ ලේකම් කුෂානි රෝහණධීර ප්‍රකාශ කළා.
ඇය මාධ්‍ය වෙත අදහස් දක්වමින් වැඩිදුරටත් කියා සිටියේ මේ වන විට මන්ත්‍රී නිවාස ලබාගැනීම සඳහා අයදුම්පත් 94ක් ලැබී ඇති බවයි.
එමෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් නැවත භාරදුන් නිවාස 25 - 30ක් පමණ මේ වන විට අලුත්වැඩියා කටයුතු සිදු කරන බවත් මන්ත්‍රී ප්‍රමුඛතාවය අනුව එම නිවාස ඉදිරියේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත ලබාදෙන බවත් මහ ලේකම්වරිය වැඩිදුරටත් සඳහන් කළා.
ඇය කියා සිටියේ සම්පූර්ණ නිවාස 108න් 80ක් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සඳහාත් 28ක් විපක්ෂයේ මන්ත්‍රීවරුන් සඳහාත් වෙන්කර ඇති බවයි.
(colombotimes.lk)