නැගෙනහිර ඉන්දුනීසියාවේ අද (02) අලුයම රික්ටර් මාපකය 7.4ක ප්‍රබල භූ කම්පනයක් සිදු වූ බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසනවා.
භූකම්පනය හේතුවෙන් එහි කේන්ද්‍රයේ සිට කිලෝමීටර් 1,000 ඇතුළත සුනාමි රළ ඇති විය හැකි බවට අනතුරු ඇඟවීමක් ද සිදු කර තිබෙන බවයි වාර්තා වන්නේ.
හවායි හී පිහිටි පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය සඳහන් කළේ ඉන්දුනීසියාව, පිලිපීනය සහ මැලේසියාවේ වෙරළ තීරයේ සුනාමි රළ ඇති විය හැකි බවයි.
(colombotimes.lk)
