15 June 2026

logo

බස් රථයක් සහ ටිපර් රථයක් එකිනෙක ගැටී අනතුරක්



මාතර සිට මහගල්වැව දක්වා ගමන් ගත් පෞද්ගලික බස් රථයක් හා හම්බන්තොට සිට තංගල්ල දක්වා ධාවනය වූ ටිපර් රථයක් එකිනෙක ගැටී අනතුරක් සිදු වී තිබෙනවා.

ඒ අම්බලන්තොට කිවුල ප්‍රදේශයේදීයි. 

එම අනතුරෙන් 15කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති අතර ඉන් තිදෙනෙක්ගේ තත්ත්වය බරපතළ බවයි වාර්තා වන්නේ. 


(colombotimes.lk)