colombotimes.lk
සිංහල | English

29 March 2024

ජනපතිට ආරාධනයක්



එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති මොහොමඩ් බින් සයිඩ් අල් නහ්යාන් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ආරාධනයක් කර තිබෙනවා.

ඒ ලෝක දේශගුණ ක්‍රියාකාරී සමුළුවේ නායකයින්ගේ උත්සවයට පැමිණෙන ලෙසයි.

අදාළ ලිපිය ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති කලිඩ් නසිර් අල්අමෙරි මහතා විසින් ජනාධිපතිවරයා වෙත නිල වශයෙන් භාර දී තිබුණා.

එම උත්සවය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ, 52 වැනි ජාතික දින සැමරුම් උළෙලට සමගාමීව පැවැත්වීමට නියමිතයි.

ලබන දෙසැම්බර් 1 සහ 2 දෙදින තුළ එය පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.
(colmbotimes.lk)