කටුනායක ගුවන්තොටුපොළ කලාපය තුළ සරුංගල් යැවීමෙන් වළකින ලෙස ජනතාවට දැනුම්දී තිබෙනවා.
ගුවන්තොටුපොළ කළමනාකරණ අංශ ප්‍රධානී අරුණ රාජපක්ෂ සඳහන් කළේ ගුවන්තොටුපොළ අවට සරුංගල් යැවීම මඟින් ගුවන් යානාවලට, ගුවන් මගීන්ගේ ජීවිතවලට දැඩි අවදානම් තත්වයක් මතු වී ඇති බවයි.
ඒ අනුව මෙම උපදෙස් නොසලකා හරින පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.
(COLOMBOTIMES.LK)