07 December 2025

logo

විපතට පත් ජනතාවට සහන සැලසීමට යුද හමුදාව සීරුවෙන්



මුළු දිවයිනටම බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් විපතට පත් වී සිටින ජනතාව මුදාගැනීම සහ ඔවුන්ට අවැසි උපකාර සැලසීම සඳහා යුද හමුදා භටපිරිස් යොදවන ලෙසට ජනාධිපතිවරයා විසින් යුද හමුදාපතිවරයාට උපදෙස් ලබාදී තිබෙනවා. 

නිවේදනයක් නිකුත් කරමින් යුද හමුදාව සඳහන් කළේ මේ වන විටත් 20,500ක පමණ වූ යුද හමුදා භටපිරිසක් විපතට පත්වූ ජනතාව බේරා ගැනීමට දිවයින පුරා යොදවා ඇති බවයි. 

එමෙන්ම ඊයේ (27) දිනයේදී ආපදාවට පත් 3,790ක් පමණ වූ ජනතාවක් මුදවාගෙන සුරක්ෂිත මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට යුද හමුදාව කටයුතු කර තිබෙනවා. 

විශේෂයෙන් අයහපත් කාලගුණ තත්ත්වයෙන් දැඩි බලපෑමකට ලක් වූ දිවයිනේ මධ්‍යම ප්‍රදේශයේ මහනුවර, නුවරඑළිය හා බදුල්ල යන දිස්ත්‍රිකයන්වල පවතින අධික ජලගැලීම් හා නායයෑම් හේතුවෙන් මාර්ග අවහිර වී ඇති නිසා මෙම මුදවාගැනීම් කටයුතුවලට බාධා ඇති වී තිබෙනවා.

නමුත් එම බාධාවන් මධ්‍යයේ වුවද මුදවා ගැනීමේ කටයුතු අඛණ්ඩව සිදු කිරිමට යුද හමුදාව කටයුතු කරන බවයි වාර්තා වන්නේ. 

යුද හමුදාවට අමතරව ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ගුවන් හමුදාව සක්‍රීයව මුදවා ගැනීමේ කටයුතු වල නිරත වී සිටිනවා.  

(colombotimes.lk)