බ්‍රිතාන්‍යයේ තුන්වන චාල්ස් රජු සහ කැමිලා රැජින ඇමරිකා එක්සත් ජනපදය වෙත පැමිණ තිබෙනවා.
ඒ සිව්දින සංචාරයක් සඳහායි.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ මෙලානියා ට්‍රම්ප් විසින් චාල්ස් රජු සහ කැමිලා රැජිනව උණුසුම්ව පිළිගෙන තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ මාධ්‍ය ප්‍රධානීන්, වොෂින්ටනයේ ප්‍රභූන් මෙන්ම ඇමරිකානු සෙනෙට් සභික ටෙඩ් කෲස්, භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙස්න්ට් සහ අනෙකුත් රටවල තානාපතිවරුන් ඇතුළු පිරිසක් සමඟ චාල්ස් සහ කැමිලා යුවළ සුහද පිළිසඳරක යෙදී තිබෙන බවයි.
මෙම සංචාරයට කොංග්‍රස් මණ්ඩලය ඇමතීම, ධවල මන්දිරයේ පැවැත්වෙන උත්කර්ෂවත් රාජ්‍ය භෝජන සංග්‍රහයක් සහ නිව්යෝර්ක් නුවර සංචාරයක් ද ඇතුළත් වනවා.
(colombotimes.lk)
