21 July 2025

logo

තීරු බදු රහිතව ගෙන ආ දුම්වැටි තොගයක් සමඟ චීන ජාතිකයෙක් කොටුවෙයි



තීරු බදු රහිතව මෙරටට රැගෙන ආ දුම්වැටි 600ක් සන්තකයේ තබාගෙන සිටි විදේශිකයෙක් රොටුන්ඩා උද්‍යානය පෙදෙසේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ කොල්ලුපිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදු කළ විශේෂ වැටලීමකදීයි.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 40ක් වන චීන ජාතිකයෙක් බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)