දිවයිනට බලපා තිබෙන අයහපත් කාලගුණයත් සමඟ ඇති වූ ගංවතුර තත්ත්වයෙන් මෙරට බෝග වගාවන්ට දැඩි ලෙස හානි සිදු වී තිබෙනවා.
කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න සඳහන් කළේ ගංවතුර තත්ත්වය හේතුවෙන් පූර්ණ ලෙස හානි වූ බෝග වගාවන්ට අක්කරයකට රුපියල් 40,000කට යටත්ව වන්දි මුදලක් ලබාදෙන බවයි.
ඒ අනුව වී, බඩ ඉරිඟු, අර්තාපල්, ලොකු ළුෑණූ, මිරිස් සහ සෝයා බෝංචි යන වගාවන් එයට ඇතුළත්.
(colombotimes.lk)