24 May 2026

logo

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළට



ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව ඩබ්ලිව්. ටී. අයි වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 111.54ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එය සටහන් වුණේ 11.41%ක වැඩි වීමක් ලෙසයි.

බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 109 ඉක්මවා ගොස් තිබෙනවා.

එමෙන්ම මර්බන් බොරතෙල් බැරලයක මිලද ඩොලර් 114.84ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)