12 November 2025

logo

රේගුව මේ වසරේ ආදායම් ඉලක්කය පසු කරයි



ශ්‍රී ලංකා රේගුව විසින් මෙම වසර තුළදී සම්පූර්ණ කළ යුතු ආදායම් ඉලක්කය ඊයේ (11) පසු කර යාමට සමත් වී තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ 2025 වසරේ ආදායම් ඉලක්කය වූ රුපියල් බිලියන 2,115ක අගය ඉක්මවා යමින් ඊයේ (11) දිනය වන විට රුපියල් බිලියන 2117.2ක සීමාවට පැමිණීමට හැකි වූ බවයි.  

(colombotimes.lk)