14 November 2025

logo

ඕනෑම බැංකු කාඩ්පතකින් බස් ගාස්තු ගෙවිය හැකි දිනය දැනුම්දෙයි



එළඹෙන 24වනදා සිට ඕනෑම බැංකු කාඩ්පතක් හරහා බස්‍ ගාස්තු ගෙවිය හැකි ක්‍රමයක් ආරම්භ කරන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක පවසනවා. 

ඔහු කියා සිටියේ බස් ගාස්තු ලබා දුන් පසු ඉතිරි මුදල් ලබා නොදීම විශාල ගැටලුවක් ව තිබූ බවත් එයට විසඳුමක් ලෙස මෙසේ බැංකු කාඩ්පතක් හරහා බස්‍ ගාස්තු ගෙවිය හැකි ක්‍රමය හඳුන්වා දෙන බවයි.
 
අයවැය දෙවන වර කියවීමේ විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. 

ඔහු වැඩිදුරටත් කියා සිටියේ ඩිජිටල්කරණය හරහා තම රජය මේ වන විට යම් යම් ජයග්‍රාහණ ලබා ඇති බවයි. 

ඒ අනුව LankaPay හා GovPay හරහා මේ වන විට බිලියන ගණනින් මුදල් හුවමාරු වන බව ද විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා අවධාරණය කළා.

(colombotimes.lk)