14 November 2025

logo

2026 වසරේ ප්‍රධාන විභාග සඳහා දින නියම වෙයි



2026 වසරට අදාළ ප්‍රධාන පාසල් විභාගවල දින වකවානු විභාග දෙපාර්තමේන්තුව විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

විභාග කොමසාරිස් ජනරාල්වරයා විසින් නිකුත් කර ඇති නිවේදනයේ සඳහන් වන්නේ 2026 05ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය එම වසරේ අගෝස්තු 09වන දිනත් 2026 උසස් පෙළ විභාගය එම වසරේ අගෝස්තු 10 සිට සැප්තැම්බර් 05 දක්වාත් පැවැත්වීමට නියමිත බවයි. 

එමෙන්ම 2026 සාමාන්‍ය පෙළ විභාගය එම වසරේම දෙසැම්බර් 08 සිට දෙසැම්බර් 17වනදා දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. 

මීට අමතරව 2025 වසරේ සාමාන්‍ය පෙළ විභාගය 2026 වසර ආරම්භයේදීඑ නම් පෙබරවාරි 17 සිට 26 දක්වා පැවැත්වීමට නියමිතයි.

(colombotimes.lk)