12 November 2025

logo

බිත්තර වී ගොවිපළවල් සඳහා ලැබෙන විශේෂ දෙයක් ගැන දැනුම්දෙයි



බිත්තර වී නිෂ්පාදන ගොවිපළවල සිදු කරන වී වගාව රක්ෂණය කිරීම සඳහා රක්ෂණ සැලසුමක් සකස් කර තිබෙනවා. 

කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සඳහන් කළේ ගොවි ජනතාවගෙන් ලැබුණු ඉල්ලීම් පදනම් කරගෙන මෙම රක්ෂණ ක්‍රමය සකස් කර ඇති බවයි. 

මෙහිදී වගා කරන ලද බිත්තර වී වගාවට ගංවතුර, නියඟය, රෝග, කෘමි හානි, ස්වභාවික විපත්, වනඅලීන්ගෙන් සිදුවන හානි සඳහා මෙම රක්ෂණාවරණය ක්‍රියාත්මක වනවා.

කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සඳහන් කළේ අක්කර 01ක් සඳහා කන්නයකට රුපියල් 13,600ක වාරික මුදලක් ගෙවීමෙන් අක්කරයකට රුපියල් 180,000ක වන්දි මුදලක් ලබාගත හැකි බවයි.  

මෙම බිත්තර වී ගොවිපළවල වලට රක්ෂණාවරණ ලබා ගැනීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බීජ සහතික කිරීමේ සේවයේ ලියාපදිංචි වී තිබීම අනිවාර්ය බව එම මණ්ඩලය වැඩිදුරටත් කියා සිටියා.  

එමෙන්ම බිත්තර වී නිෂ්පාදනය දිරිමත් කිරීම තුළින් ගොවියා වගාව තුළ රඳවා ගැනීම මෙහි ප්‍රධාන අරමුණ වන බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)