19 May 2026

logo

මාරක අනතුරක් - මව සහ පුතා ජීවිතක්ෂයට



ලොරි රථයක් සහ ත්‍රීරෝද රථයක් එකිනෙක ගැටීමෙන් මාරක අනතුරක් සිදුවී තිබෙනවා.

ඒ රත්නපුර - පැල්මඩුල්ල මාර්ගයේ පාතකඩ හන්දිය ප්‍රදේශයේදීයි.

එම අනතුරින් පුද්ගලයින් දෙදෙනෙක් මියගොස් ඇති අතර ත්‍රීරෝද රථයේ රියදුරුද බරපතළ තුවාල ලබා රත්නපුර ශික්ෂණ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.

මියගිය පුද්ගලයින් දෙදෙනා වයස අවුරුදු 49ක් සහ 28ක් වන හාලිඇල ප්‍රදේශයේ පදිංචි මව සහ පුත්‍රයායි.

පැල්මඩුල්ල පොලීසිය සඳහන් කළේ අදාළ අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු සහ රිය සහයක අත්අඩංගුවට ගත් බවයි.

(colombotimes.lk)