colombotimes.lk
සිංහල | English

29 September 2024


ප්‍රශ්නයක් වුණ ශිෂ්‍යත්ව විභාගය ගැන ගත් අවසන් තීරණය



2024 සැප්තැම්බර් 15 වනදා පැවති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්නපත්‍ර පිටවීමක් පිළිබඳ ගැටළුවක් මතු වී තිබුණා.

එම ගැටලුව සම්බන්ධයෙන් අධ්‍යාපන, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය තීරණයක් ගෙන තිබෙනවා.

ඒ අනුව දරුවන්ගේ මානසික මට්ටම සහ ඔවුන්ට ඉටුවිය යුතු සාධාරණයන් ගැන සළකා බලා පිට වූ බවට සැලකෙන ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම සිසුන්ට සම්පූර්ණ ලකුණු ලබාදීමටයි තීරණය කර ඇත්තේ.

නැවත විභාගය නොපැවැත්වීමටත්, නියමිත පරිදි ප්‍රශ්න පත්‍ර ඇගයීම් කටයුතු සිදුකර සියළු දරුවන්ගේ ශිෂ්‍යත්ව ලකුණු හැකි ඉක්මනින් ලබාදීමටත් කටයුතු කරන බව විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.