11 June 2026

logo

වැඩිහිටි නිවාසයක ගින්නක්



හොරණ බටගොඩ ගල්පාත ප්‍රදේශයේ වැඩිහිටි නිවාසයක අද (03) පස්වරුවේ ගින්නක් හටගෙන තිබෙනවා.
 
වැඩිහිටි නිවාසය තුළ සිටි පුද්ගලයන් 55දෙනෙක් තුවාල ලබා ගල්පාත සහ හොරණ රෝහල්වලට ඇතුළත් කර තිබෙන බවයි වාර්තා වන්නේ. 

ගින්න මැඩපැවැත්වීම සඳහා මේ වන විට ගිනි නිවීමේ රථ 3ක් යොදවා තිබෙන බව පොලීසිය සඳහන් කළා. 

(colobotimes.lk)