14 November 2025

logo

චීන සංචාරකයන් 05ක් ජීවිතක්ෂයට



ඉන්දුනීසියාවේ බාලි ප්‍රදේශයේදී වෑන් රථයක් පෙරළී අනතුරක් සිදු වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම අනතුරෙන් චීන සංචාරකයන් 05දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙන බවයි.

එමෙන්ම තවත් පුද්ගලයන් 08දෙනෙක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

එරට ආරක්ෂක අංශ සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ අදාළ වෑන් රථය රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව මෙම අනතුර සිදු වී තිබෙන බවයි.

මෙම අනතුර සම්බන්ධයෙන් වෑන් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

(colombotimes.lk)