විදේශ ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ ලැබීම මේ වසරේ මැයි මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 480ක් ලෙස සටහන් වූ බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසනවා.
මැයි මාසයේ සංඛ්‍යා ලේඛනවලට අනුව, 2023 වර්ෂය සඳහා ලද ප්‍රේෂණවල මුළු වටිනාකම 2022 මැයි මාසයට සාපේක්ෂව ඉතා ඉහළ අගයක් බවයි වාර්තා වන්නේ.
අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ, මීට පෙර මට්ටමට පැමිණීමට තවත් ඩොලර් මිලියන 150ක් මාසිකව ප්‍රේෂණ ලෙස අවශ්‍ය බවයි.
මීට අමතරව ශ්‍රී ලංකාව ඉහළ නිපුණතා අපනයන කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමට රජය කටයුතු කරමින් සිටින බවද ඔහු සඳහන් කළා.
(colombotimes.lk)