07 December 2025

logo

වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද උදෑසන සිට



රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් අද (17) දිනයේ සිට වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට එළැඹීමට තීරණය කර තිබෙනවා.

ඒ 2026 වසරට අදාළව ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කර ඇති අයවැය තුළින් සෞඛ්‍ය සේවාවේ සහ වෛද්‍යවරුන්ගේ ගැටළු නිසියාකාරව විසඳීමට අපොහොසත් වීමට විරෝධය පළ කරමින්.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කළේ මේ සම්බන්ධයෙන් රජයේ පාර්ශවයන් දැනුවත් කළ බවත් මීට සාධනීය ප්‍රතිචාරයක් නොලැබුණු බැවින් මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට එළැඹීමට සිය සංගමය පියවර ගත් බවයි.

ඒ අනුව අද (17) උදෑසන 8.00 සිට දිවයින පුරා පිහිටි රෝහල්වල මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කරන බව එම සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස වැඩිදුරටත් සඳහන් කළා.

(colombotimes.lk)