colombotimes.lk
සිංහල | English

29 September 2024


ජයටම කරගෙන ගිය ගංජා හේනක් වටලයි



තණමල්විල - හම්බෙගමුව ප්‍රදේශයේ හේනක සිදු කරගෙන යමින් තිබූ ගංජා වගාවක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අද (29) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ශ්‍රී ලංකා යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් විසින් ලබාදුන් තොරතුරකට අනුව මොණරාගල කොට්ඨාස දූෂණ මර්ධන ඒකකය සමඟ ඒකාබද්ධව සිදුකරන ලද වැටලීමකදී.

වැටලීම සිදුකරන අවස්ථාවේ අක්කර 1 ½ ක පමණ භූමියක ගංජා පැළ 45,000 පමණ වගාකර තිබූ බවත් එහි වටිනාකම රුපියල් කෝටියකට පමණ ආසන්න වන බවත් පොලීසිය සඳහන් කළා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වලස්මුල්ල, ජූලම්පිටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 31 සහ 63 යන වයස්වල පසුවන්නන්.

අදාල සැකකරුවන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරිම සඳහා හම්බෙගමුව පොලීසියට භාර දී තිබෙනවා.
 
colombotimes.lk