14 November 2025

logo

සරසවියට සුදුසුකම් ලබන ආබාධිත සිසුන්ට සුබ ආරංචියක්



උසස් පෙළ විභාගයෙන් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලැබූ අබාධිත සිසුන් දිවයිනේ සියලු විශ්වවිද්‍යාල වල සියලු පීඨවලට ඇතුළත් කර ගැනීමට තීරණය කර තිබෙනවා. 

අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න සඳහන් කළේ උසස් අධ්‍යාපනය පිළිබඳ පාර්ලිමේන්තු උපදේශක අනුකාරක සභාවේ අනුමැතිය ඊට හිමි වූ බවයි. 

ඒ අනුව මෙවර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත ආබාධිත සිසුන්ට එම අවස්ථාව හිමිවන බව ඔහු ප්‍රකාශ කළා. 

(colombotimes.lk)