21 July 2025

logo

සෞඛ්‍ය අමාත්‍යවරයා පොළොන්නරුව ශික්ෂණ රෝහලේ නිරීක්ෂණයක



සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස විසින් උතුරු මැද පළාතේ ප්‍රධානතම රෝහලක් වන පොළොන්නරුව ශික්ෂණ රෝහල නිරීක්ෂණයකට ලක්කර තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ මඩකළපුව, අම්පාර, මාතලේ, ත්‍රිකුණාමලය, අනුරාධපුරය අවට දිස්ත්‍රික්කවල ජනතාවට ගුණාත්මක හා කාර්යක්ෂම සෞඛ්‍ය සේවාවක් ලබාදීමේ අරමුණින් අමාත්‍යවරයා විසින් එහි වත්මන් තත්ත්වය පිළිබඳව නිරීක්ෂණය කළ බවයි.

එහිදී ඔහු රෝගී ප්‍රතිකාර සේවාවන් විධිමත් හා කාර්යක්ෂම කිරීම සඳහා රෝහල් පරිපාලනයට උපදෙස් ලබාදීම ඇතුළු තවත් ගැටළු කිහිපයකට විසඳුම් ලබාදීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)