මෙරට රාජ්‍ය තාන්ත්‍රික නිලධාරිනියක් වන හිමාලි අරුණතිලක හට ඕස්ට්‍රේලියාවේ ෆෙඩරල් අධිකරණයේදී ඩොලර් ලක්ෂයකට අධික දඩයක් නියම කර තිබෙනවා.
ඇයට ඩොලර් 117,028.80ක දඩයක් ෆෙඩරල් අධිකරණය විසින් නියම කර ඇත්තේ ඇයගේ ගෘහ සේවිකාවක් වූ ප්‍රියංකා දනරත්න යන අයට අයුතු ලෙස සැලකීමේ චෝදනාවලට වරදකරු වීම හේතුවෙන්.
ශ්‍රී ලාංකිකයෙක් වන අදාළ සේවිකාව 2016 සිට 2018 දක්වා ඇයගේ කැන්බරා නිවසේ සේවය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
හිමාලි අරුණතිලක සිය සේවිකාවට නිසි ලෙස වැටුප්ද නොගෙවා ඇති අතර අධිකරණය නියම කර ඇත්තේ දින 60ක් ඇතුළත අදාළ දඩ මුදල ගෙවන ලෙසයි.
ඊට අමතරව ප්‍රියංකා දනරත්න යන අයට ඩොලර් 374,151.90ක වන්දියක් ගෙවීමටද මීට පෙර අධිකරණය නියම කර තිබෙනවා.
(colombotimes.lk)