01. තලාව මාරක බස් අනතුරේ රියදුරු රිමාන්ඩ්
තලාව ජයගඟ දී සිදු වූ බස් රථ අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බස් රථයේ රියදුරු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ මේ මස 18වනදා දක්වායි.
02. වෛද්‍යවරු වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසෙයි
නොවැම්බර් මස 17වනදා සිට වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
ඒ ඔවුන්ගේ ගැටලුවලට අයවැයෙන් විසඳුම් ලබා නොදීම හේතුවෙන්.
එමෙන්ම සෞඛ්‍ය සායනවලදී රෝහල්වලට පිටතිත් ඖෂධ ගැනීම සඳහා ඖෂධ වට්ටෝරු නිකුත් නොකිරීමටද ඔවුන් තීරණය කර තිබෙනවා.
විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සඳහන් කළේ මෙවර අයවැයෙන් බලාපොරොත්තු වූ පරිදි සිය ගැටලුවලට ස්ථිර විසඳුම් නොලැබීම හේතුවෙන් ඒ සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීම සඳහා සියලුම විශේෂඥ වෛද්‍යවරුන් කොළඹට කැඳවා ඇති බවයි.
03. හිටපු NPP මන්ත්‍රීවරියගේ විදුහල්පති සැමියා රිමාන්ඩ්
අනුරාධපුරය ප්‍රදේශයේදී හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
ඒ එළඹෙන 26වනදා දක්වායි.
04. රේගුව මේ වසරේ ආදායම් ඉලක්කය පසු කරයි
ශ්‍රී ලංකා රේගුව විසින් මෙම වසර තුළදී සම්පූර්ණ කළ යුතු ආදායම් ඉලක්කය ඊයේ (11) පසු කර යාමට සමත් වී තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා රේගුව සඳහන් කළේ 2025 වසරේ ආදායම් ඉලක්කය වූ රුපියල් බිලියන 2,115ක අගය ඉක්මවා යමින් ඊයේ (11) දිනය වන විට රුපියල් බිලියන 2117.2ක සීමාවට පැමිණීමට හැකි වූ බවයි.
05. ප්‍රසන්න රණතුංගට අධිකරණයෙන් දුන් නියෝගය
අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (12) නියම කර තිබෙනවා.
අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මෙම නියෝගය නිකුත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.
06. දිල්ලි ප්‍රහාරය ගැන මෝදිගෙන් විශේෂ ප්‍රකාශයක්
නවදිල්ලි අගනුවර පුද්ගලයන් 08දෙනෙක්ට මරු කැඳවූ මාරාන්තික මෝටර් රථ ප්‍රහාරය පිටුපස ඇති සත්‍යය හෙළි කිරීමට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රතිඥා දී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ අසල්වැසි රටක් වන භූතානයේ සංචාරය අතරතුර මෝදි වින්දිතයන්ට ශෝකය පළ කළ බවයි.
ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් කිසිසේත් ආරක්ෂා නොකරන බවත් ඔවුන් නීතිය ඉදිරියට රැගෙන එන බවත් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා.
එමෙන්ම අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ දිල්ලියේ සංකේතාත්මක රතු බලකොටුව අසල පිපිරීම පිටුපස සිටින කුමන්ත්‍රණකරුවන් බේරා නොගන්නා බවයි.
(colombotimes.lk)
