24 May 2026

logo

සටන් විරාම යෝජනාව ගැන ඉරානය ගත් තීරණය මෙන්න



කලාපීය යුද්ධය අවසන් කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් වූ යෝජනාවලට සිය ප්‍රතිචාරය ඉරානය විසින් පාකිස්ථානය වෙත දැනුම් දී තිබෙනවා.

 
විදෙස් මාධ්‍ය වාර්තා කළේ තාවකාලික සටන් විරාමයක් වෙනුවට යුද්ධය ස්ථිර ලෙසම අවසන් කිරීමේ අවශ්‍යතාව මෙහිදී ඉරානය අවධාරණය කර ඇති බවයි.
 
ඒ අනුව ඉරානය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවලිය වගන්ති 10කින් සමන්විත වන බවයි වාර්තා වන්නේ.
 
කලාපය තුළ පවතින ගැටුම් සම්පූර්ණයෙන්ම නතර කිරීම, හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා නෞකාවල ආරක්ෂිත ගමනාගමනය සහතික කිරීම සඳහා වන විශේෂ සම්මුතියක් (Protocol) හඳුන්වා දීම, ඉරානයට පනවා ඇති ආර්ථික සම්බාධක ඉවත් කිරීම, යුද්ධයෙන් විනාශ වූ ප්‍රදේශ නැවත ගොඩනැගීම යන කරුණු ඊට ප්‍රධාන වශයෙන් ඇතුළත් බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

(colombotimes.lk)