ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරක්චි ඊයේ (24) රාත්‍රියේ පාකිස්ථානයේ ඉස්ලාමාබාද් අගනුවර වෙත පැමිණ තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඇමරිකාව සමඟ සාම සාකච්ඡා නැවත ආරම්භ කිරීම සඳහා වන යෝජනා සාකච්ඡා කිරීමට ඔහු මෙලෙස පැමිණ තිබෙන බවයි.
ඇමරිකාවේ ඉල්ලීම් සපුරාලීම ඉලක්ක කරගත් යෝජනාවක් ඉරානය ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බව ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කළා.
ඩොනල්ඩ් ට්‍රම්ප් වැඩිදුරටත් කියා සිටියේ එම යෝජනාවේ අඩංගු කරණු තමා තවමත් නොදන්නා බවයි.
(colombotimes.lk)
