24 May 2026

logo

ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ බුද්ධි අංශ ප්‍රධානී ජීවිතක්ෂයට



ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජෙනරාල් Majid Khademi අද (06) අලුයම එල්ල වූ ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත් වූ බව ඉරාන රාජ්‍ය මාධ්‍ය තහවුරු කර තිබෙනවා. 

ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ තම බුද්ධි ප්‍රධානියා 'ඇමරිකානු - සියොන්වාදී සතුරා' විසින් එල්ල කරන ලද 'ත්‍රස්තවාදී ප්‍රහාරයකින්' මෙලෙස මියගිය බවයි.

ඉරානය සහ ඇමරිකාව අතර සටන් විරාමයක් සඳහා වන සාම සැලසුම් පිළිබඳ සාකච්ඡා වෙමින් පවතින පසුබිමක මෙම ප්‍රහාරය එල්ල වී තිබෙනවා. 

(colombotimes.lk)